Sunday, October 27, 2024
Follow Us
අවසන් තරඟය හා සමාන ශ්‍රී ලංකා - පාකිස්තාන ආසියානු කුසලාන තරඟය අද

ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි හතර දෙනාගේ වටයේ අවසන් තරඟය අද පැවැත්වෙනවා. ඒ, මේ වන විටත් අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලබා ඇති ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතරයි.

මේ අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි 04 දෙනාගේ වටයේ ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමඟ ඊයේ රාත්‍රියේ පැවති තරඟයෙන් ඉන්දියාව ලකුණු 101 ක ජයක් වාර්තා කිරීමට සමත් වුණා.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව නියමිත පන්දුවාර 20 දී කඩුලු 02 ක් දැවී ලකුණු 212 ක් රැස් කළා. ඊට විරාත් කෝලි පන්දු 61 කදී නොදැවී රැස් කළ ලකුණු 122 ක ද අයත්. එය සැලකුණේ දින 1,020 කට සහ ජාත්‍යන්තර තරඟ 71 කට පසු කෝලි රැස් කළ පළමු ශතකය ලෙසයි.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්තානයට කඬුලු 08 ක් දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුනු 111 ක් පමණයි. එහිදී බුවනේෂ්වර් කුමාර පන්දුවාර හතරේදී ලකුණු 4 කට කඬුලු 5 ක් බිද හෙලීම විශේෂත්වයක්.

Neth