Tuesday, October 22, 2024
Follow Us
ඉන්දියාවට ගිය සරණාගතයින් 27ක් යළි කැඳවයි

පසුගිය යුද සමයේදී මන්නාරම් ප්‍රදේශයේ සිට ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රදේශයට මුහුදු මාර්ගයෙන් සංක්‍රමණය වූ සරණාගතයන් 27දෙනෙකු නැවත මෙරටට ගෙන්වූ බව නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙරට ගෙන්වූ මෙම සරණාගතයින් පිරිසට කාන්තාවන් 11 දෙනෙකු ද, පිරිමි පුද්ගලයන් 10දෙනෙකු හා ළමුන් 6 දෙනෙකු ඇතුළත් වන අතර මොවුහු යාපනය, කිලිනොච්චිය හා ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල පදිංචිකරුවන්ව සිටි අය වෙති.

ඔවුන් පසුගිය යුද සමයේදී බෝට්ටු මගින් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයට සරණාගතයන් ලෙස ඇතුළු වී ඇති මොවුහු පසුව තමිල්නාඩු සරණගාත කඳවුරුවල ජීවත් වූ අයවෙති.

නැවත පදිංචිකිරීමේ අමාත්‍යංශය සහ එක්සත් ජාතින්ගේ සංවිධානය එක්ව ඔවුන් නැවත ගෙන්වා ගැනීමට කටයුතු කර ඇත.

(Lanka Leads)