Tuesday, October 22, 2024
Follow Us
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියා – ජපන් හවුල් සමාගමකට විකිණීමේ සූදානමක්

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට සහ ජපානය හවුල් වූ සමාගමකට විකුණා දැමීමේ උත්සාහයක් පවතින බව වරාය වෘත්තීය සමිති චෝදනා කරයි.

වත්මන් රජයේ අවසන් කාලසීමාවේදී මෙවැනි තීරණයකට යෑම පිළිබඳව ඔවුහු රජයට සිය බලවත් විරෝධය දක්වා සිටී.

අදාළ විකුණාදැමීම හරහා විදේශයකට වැඩි ආදායමක් ලබාගැනීමට හැකියාව පවතින බවත් ඉන් රටට සිදුවන පාඩුව පිරිමැසිය නොහැක්කක් බව ඔවුහු පෙන්වා දෙති.

අදාළ විකුණා දැමීම නවතාලිය හැකි නම් මෙරට ආර්ථිකයට සැලකිය යුතු මට්ටමේ වාසි අත්වන බවද පවසන වරාය වෘත්තීය සමිති ශී‍්‍ර ලංකා වරාය තුළ සකී‍්‍රයව කි‍්‍රයාත්මක වන පර්යන්ත කිහිපයක් අයත්ව ඇතත් ඉන් රජයට ඇති හොඳම පර්යන්තය වන නැගෙනහිර පර්යන්තය මේ මොහොතේ සකී‍්‍රයව කි‍්‍රයාත්මක නොවන බවද ඔවුහු පෙන්වා දෙති.

වර්තමාන යහපාලන රජයේ පත්වූ ඇමැතිවරුන් දෙදෙනකු වන අර්ජුන රණතුංග මහතා සහ මහින්ද සමරසිංහ මෙම පර්යන්තයේ යන්ත්‍රෝපකරණ සවිකර මෙය මෙරට ආර්ථිකය ශක්තිමත් කර ගැනීම සඳහා භාවිත කළ යුතු බවට ප‍්‍රකාශ කර තිබූ බවද වරාය වෘත්තීය සමිති සඳහන් කරයි.

එවන් තත්ත්වයක් හමුවේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකුණා දැමීම පිටුපස වත්මන් රජයේ ප‍්‍රබල හස්තයක් කි‍්‍රයාත්මක වන බවද වරාය වෘත්තීය සමිති වැඩිදුරටත් සඳහන් කර සිටී.

(Lanka Leads)