Tuesday, October 22, 2024
Follow Us
FitsAir දේශීය ගුවන් සමාගම රත්මලාන-විශාකාපට්නම් ගුවන් ගමන් අරඹයි

දේශීය ගුවන් සමාගමක් විසින් ශ්‍රී ලංකාව තුළ ප්‍රථම වරට ජාත්‍යන්තර වරලත් මගී ක්‍රමයට රත්මලාන සිට විශාකාපට්නම් දක්වා ගුවන් ගමන් ආරම්භ කරනු ලැබීය. ෆිට්ස් එයාර් (FitsAir) විසින් ATR72 ගුවන් යානයෙන් මේ ප්‍රථම ගුවන් ගමන පසුගිය දා සිදු කරනු ලැබීය.

මෙය දේශීය ගුවන් මෙහෙයුම්කරුවකු විසින් පළමුවරට මෙහෙයවනු ලැබූ ගුවන් ගමනක්වීම ද විශේෂත්වයකි. පුද්ගලික වානිජ ගුවන් සේවා කර්මාන්තයේ දියුණුව සඳහා විශ්වසනීය සහායක් ලබා දීමේ අපේක්ෂාව පෙරදැරි කර ගත් ෆිට්ස් එයාර් (FitsAir) කටුනායක භාණ්ඩ ප්‍රවාහන මධ්‍යස්ථානයෙන් ක්‍රියාත්මක වේ.

එය රත්මලාන සිට දේශීය ගුවන් තොටුපළ වෙත මගී ගුවන් ගමන් ක්‍රියාත්මක කරනු ලැබේ. කලාපයේ ගමනාන්තවලට සේවය කිරීම සඳහා නුදුරු අනාගතයේ දී පලාලි සහ මඩකලපු ගුවන් තොටුපළවලින් ආරම්භ කිරීමට නියමිත ජාත්‍යන්තර ගුවන් ගමන් සේවා සඳහා ද ෆිට්ස් එයාර් (FitsAir) ක්‍රියාත්මක කිරීමට නියමිතය.

(Dinamina)