Sunday, October 20, 2024
Follow Us
ඇමරිකා හමුදා නිලධාරීන් රැඳී සිටින්නේ ශී‍්‍ර ලංකා රජයේ ඇරයුමින් – ඇමරිකානු තානාපතිනිය කියයි

ඇමරිකානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් හමුදා නිලධාරීන් සහ සිවිල් සේවකයන් ශී‍්‍ර ලංකාව තුළ තාවකාලිකව රැුඳී සිටින්නේ ශී‍්‍ර ලංකා රජයේ ඇරයුම මත බව ඇමරිකානු තානාපතිනි ඇලෙයිනා ටෙප්ලිස්ට් මුල්වරට පිළිගෙන ඇත.

ඇය සිය ෆේස්බුක් අඩවිය මගින් මේ බව ප‍්‍රකාශ කර තිබේ.

ශී‍්‍ර ලංකාව සමග විශේෂ බළකා සහයෝගිතා ගිවිසුමක් ඇතිකර ගැනීමට ඇමරිකාවට අවශ්‍ය බවද පැවසූ ඇමරිකානු තානාපතිනිය නිලධාරිවාදය පසෙකට දැමිය යුතු බවත් ශී‍්‍ර ලංකාවේ හදිසි තත්ත්වයක් ඇති වුවහොත් ඇමරිකාවට කඩිනමින් ප‍්‍රතිචාර දැක්වීම සඳහා ඉඩ තිබිය යුතු බවත් පවසා ඇත.

මේ නිසා ශී‍්‍ර ලංකාවට පැමිණෙන හමුදා සඳහා වූ ගිවිසුම ගැන ඇමරිකාව සහ ශී‍්‍ර ලංකාව තවදුරටත් සාකච්ඡා පවත්වන බවද ඇය කීවාය.

මේ ගිවිසුමේ අරමුණ නිලධාරිවාදය වෙනුවට කඩිනමින් දෙරට අතර කටයුතු කිරීමයි යැයි ද ඇලෙයිනා ටෙප්ලිට්ස් පැවසුවාය.

(Lanka Leads)