Sunday, October 20, 2024
Follow Us
ශ්‍රී ලංකා දුම්රිය සේවය වෙනුවෙන් තවත් බලවේග කට්ටලයක් සහ එන්ජිමක් ඉන්දියාවෙන් පැමිණෙයි

ශ්‍රී ලංකා දුම්රිය සේවයට එක් කිරීම සඳහා එස් - 13 ද්විත්ව බලවේග කට්ටලයක් සහ එම් - 11 එන්ජිමක් ශ්‍රී ලංකාවට ගෙන්වා තිබෙනවා. මේ වනවිට මෙම එස් - 13 ද්විත්ව බලවේග කට්ටලය සහ එම් - 11 එන්ජිම කොළඹ වරායට ගොඩබා තිබෙන බවයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය පවසන්නේ. ඉන්දීය ණය ආධාර යටතේ මේවා ශ්‍රී ලංකාවට ගෙන්වා තිබෙනවා.

මීට පෙර ඉන්දීය ණය ආධාර යටතේ තවත් එස් - 13 ද්විත්ව බලවේග කට්ටල 03ක් ශ්‍රී ලංකාවට ගෙන්වා ඇති අතර එවැනි තවත් එස් - 13 ද්විත්ව බලවේග කට්ටල 02ක් ඉදිරියේදී ගෙන්වීමට නියමිතයි. ඉන්දීය ණය ආධාර යටතේ

එම් - 11 එන්ජින් 03ක් ද මීට පෙර ශ්‍රී ලංකාවට ගෙන්වා තිබෙනවා. එවැනි තවත් එන්ජින් 06ක් ඉදිරියේදී ගෙන්වීමට නියමිතයි.
ඊට අමතරව උඩරට මාර්ගයේ ධාවනය සඳහා එස් 14 වර්ගයේ බලවේග කට්ටල 09ක් චීනයෙන් ගෙන්වීමට ද සැලසුම් කර තිබෙන බවයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය පැවසුවේ.

(Neth)