Sunday, October 20, 2024
Follow Us
ඇමරිකාව වෙන රටවල් සමග ගැසූ සෝෆා ගිවිසුම වෙනස් – ගිවිසුමේ වාසිය ඇමෙරිකාවට බව විකිලික්ස් වෙබ් අඩවියත් කියයි

ඇමරිකානු රජය රටවල් 100 ක් සමග සෝෆා හෙවත් ආරක්ෂක ගිවිසුම් අත්සන් කර ඇතත් ඒවායේ අඩංගු කරුණු ශී‍්‍ර ලංකාවට ඉදිරිපත් කළ කරුණුවලට වඩා වෙනස් බව හෙළි වී ඇත.

ශී‍්‍ර ලංකාවට ඉදිරිපත් කළ සෝෆා ගිවිසුමෙන් ඇමරිකානු හමුදා භටයන්ට පරිපාලන හා සිවිල් සේවකයන්ට ද තානාපති කාර්යාලයේ නිලධාරීන්ට ද තානාපති මුක්තිය ඉල්ලා ඇති අතර එම ඉල්ලීම ඉන්දියාවට ද යොමු කර තිබේ.

එහෙත් ඉන්දීය රජය එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කර ඇත. මේ අතර විකිලික්ස් වෙබ් අඩවියේ රහස් ලියවිලිවලින් හෙළි වී ඇත්තේ සෝෆා ගිවිසුමේ වාසිය ශී‍්‍ර ලංකාවට නොව ඇමරිකාවට හිමි වී ඇති බවයි.

(Lanka Leads)