Sunday, October 27, 2024
Follow Us
සමස්ත ගෝලීය කොරෝනා ආසාදිතයින්ගෙන් හතරෙන් එකක් අමෙරිකාවේ

අමෙරිකාවෙන් පමණක් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව මිලියන 6 ඉක්මවා තිබෙනවා.

අවසන් රෝගීන් මිලියන වාර්තා කිරීමට ගත වී ඇත්තේ දින 22 ක් පමණක්වීම විශේෂත්වයක්. ගෝලීය දත්තවලට අනුව මේ වනවිට අමෙරිකාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන ලක්‍ෂ 62 සීමාවද ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව සමස්ත ගෝලීය කොරෝනා ආසාදිතයින්ගෙන් හතරෙන් එකක් වාර්තා වන්නේ අමෙරිකාවෙන්.

එරටින් පළමු කොරෝනා ආසාදිතයා වාර්තා වූයේ ඉකුත් ජනවාරි 21 වනදායි. ඉන් දින 99 කට පසු අමෙරිකාවේ කොරෝනා ආසාදිතයින් මිලියනයේ සීමාව පසුකර ගියා.

මිලියන තුනේ සිට මිලියන 5 දක්වා කොරෝනා ආසාදිතයින් වාර්තාවීමට ගත වූයේ දින 32 ක් පමණක්වීමද විශේෂත්වයක්.

මේ වනවිට බ‍්‍රසීලයෙන් සහ ඉන්දියාවෙන්ද කොරෝනා ආසාදිතයින් ලක්‍ෂ 36 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. අද වනවිට ගෝලීය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දෙකෝටි පනස් හය ලක්‍ෂයකට අධිකයි.

(Neth)