Sunday, October 27, 2024
Follow Us
ප්‍රනාබ් මුඛර්ජී අභාවප්‍රාප්ත වෙයි

ඉන්දීය හිටපු ජනාධිපති ප්‍රනාබ් මුඛර්ජී මහතා අද (31) අභාවප්‍රාප්ත විය. මිය යන විට ඒ මහතා 84 වැනි වියේ පසුවිය.

කොවිඩ්-19 වෛසරය ආසාදිතව හමුදා රෝහලේ ප්‍රතිකාර ලැබූ හිටපු ජනාධිපති ප්‍රානාබ් මූඛර්ජී පසුගිය දිනෙක මොළයේ සැත්කමකට ද සිදු කර ඇත.

ඉන් පසුව ඔහු අසාධ්‍ය තත්ත්වයේ පසු වු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

(Aruna)