Sunday, October 27, 2024
Follow Us
පෝට් සිටි ඉදිකරන චීන සමාගමට ඇමරිකාවෙන් සම්බාධක

කොළඹ වරාය නගරය ඉදිකරන චීන සමාගමට ඇමරිකානු රජය විසින් සම්බාධක පනවා ඇත.

ඇමරිකාව විසින් චීන සමාගම් 24 කට සම්බාධක පනවා ඇති අතර ඒ අතර චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ මව් සමාගමත් අයත්ය. වරාය නගරය ඉදිකරනුයේ චයිනා හාබර් සමාගම විසිනි.

ඇමරිකානු, රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ පවසා ඇත්තේ චීන රජයට අයත් සමාගම් හරහා බලය පැතිරවීමට ඉඩ නොදෙන බවයි.

චීන රජය විසින් ඇමරිකාවේ මේ තීරණය දැඩිව ප‍්‍රතික්‍ෂේප කර තිබේ.

(Lanka LEads)