Sunday, October 27, 2024
Follow Us
සුපිරි තානාපති බලතල සමග මිලින්ද මොරගොඩ ඉන්දියාවට

ඉන්දියාවේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස මිලින්ද මොරගොඩ මහතා පත්වීමට නියමිත බව වාර්තා වේ. මේ වනවිට ඔහුගේ නම පාර්ලිමේන්තුවේ උසස් තනතුරු කමිටුව වෙතද යවා අවසන් බවයි වාර්තා වන්නේ.

මොරගොඩ මහතා ඉන්දියාවේ මහ කොමසාරිස්වරයා ලෙස පත් කිරීමේදී ඔහුට කැබිනට් බලතල ලබාදීමට නියමිත බවටද රජයට සමීප පුවත්පත් අද වාර්තා කර තිබේ. රාජ්‍ය තාන්ත්‍රික නිළධාරියෙකුට මෙවැනි විශේෂ බලතල ලබාදීමට තීරණය කර තිබෙන්නේ පළමු වැන වරටයි.

එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කළ මොරගොඩ මහතා අමාත්‍යවරයෙකු ලෙස ද කටයුතු කළේය.

ඇතැම් දේශපාලන පක්ෂ විසින් දැඩි ඇමරිකානු හිතවාදියෙකු ලෙස හැඳින්වූ මොරගොඩ මහතා පසුව මහින්ද රාජපක්ෂ මහතා සමග එක් විය.

(LNW)