Sunday, October 27, 2024
Follow Us
13 ගැන ඉන්දීය මහ කොමසාරිස්ගේ ප‍්‍රකාශය රාජ්‍ය ඇමැති ප‍්‍රතික්‍ෂේප කරයි

13 වැනි සංශෝධනය ඇතුළත් පළාත් සභා ක‍්‍රමය ඉදිරියට ගෙන යා යුතු බව මෙරට ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් මැග්ලේ කළ ප‍්‍රකාශය පළාත් පාලන රාජ්‍ය ඇමැති සරත් වීරසේකර මහතා ඊයේ 25 වැනිදා ප‍්‍රතික්‍ෂේප කළේය.

අප රටේ දේශපාලන කටයුතු ගැන තීන්දු ගත යුත්තේ රාජ්‍ය නායකයන් පමණයි. තානාපති නිලධාරීන්ට ඒ ගැන බලපෑම් කිරීමට නොහැකි යැයි හෙතෙම පැවසීය.

ශී‍්‍ර ලංකාව ස්වාධීන රටක් බව පැවසූ වීරසේකර මහතා ජනතාව 2/3 ක බලය ලබාදුන්නේ රාජ්‍ය නායකයන්ට මිස පිටස්තර පාර්ශ්වවලට නොවන බවද කීවේය.

මේ අතර ද්‍රවිඩ සන්ධාන නායකයන් ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් මැග්ලේ හමු වී 13 වැනි සංශෝධනය ඉදිරියටත් ක‍්‍රියාත්මක කරන ලෙස ඉන්දීය රජයෙන් ඉල්ලා ඇත.

එම අවස්ථාවට ආර්. සම්බන්ධන් මාවෙයි සේනාධිරාජා. ප්ලොට් නායක සිද්ධාර්ථන්, එම්. සුමන්තිරන් හා ටෙලෝ නායක සෙල්වම් අඩෙයිකලානන්දන් යන මහත්වරුන්ද සහභාගි වී තිබේ.

(Lanka Leads)