Sunday, October 27, 2024
Follow Us
කොරෝනා නිසා දකුණු කොරියාවේ අගනුවර සියළු පාසල් වැසේ

නව්‍ය කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් දකුණු කොරියාවේ අගනුවර වන සෝල් නුවර සියළු පාසල් සහ පෙරපාසල් තාවකාලිකව වසා දැමීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. ඒ, ගත වූ සති 02 ක කාලය තුළ සෝල් නුවර අවට පාසල්වල සිසුන් සහ ගුරුවරුන් 200 කට අධික පිරිසක් කොරෝනා ආසාදිතයින් බවට හදුනා ගැනීමත් සමගයි. ලබන සැපැත්ම්බර් මස 11 වනදා තෙක් පාසල් සිසුන්ට ඔන්ලයින් ක‍්‍රමවේදය මගින් පන්ති පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

සෝල් නුවර ගෘහස්ත සහ එළිමහන් පොදු ස්ථානවල ගැවසෙන සියළු පුද්ගලයින්ට ප‍්‍රථම වතාවට මුව ආවරණ පැළදීම අනිවාර්ය කර ඇති බවයි වාර්තා වන්නේ.

ආගමික ස්ථාන සහ රාතී‍්‍ර සමාජ ශාලා ද වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. සෝල් නුවරින් වාර්තා වූ නව්‍ය කොරෝනා ආසාදිතයින් වැඩි පිරිසක්, රෙපරමාදු පල්ලි රැසක් එක්ව පසුගිය සතියේ සංවිධාන කළ උත්සවයකට සහභාගී වූ සාමාජිකයින්ගේ ආශ‍්‍රිතයින් බවටයි හෙළිව ඇත්තේ. කොරෝනා ව්‍යාප්තිය තවදුරටත් ඉහළ ගියහොත් දැඩි නිරෝධායන රෙගුලාසි පැනවීමට සිදු වනු ඇති බව දකුණු කොරියානු රජය ප‍්‍රකාශ කර තිබෙනවා.

(Neth)