Sunday, October 20, 2024
Follow Us
ඇමරිකාව ශී‍්‍ර ලංකාවේ ආගමික කටයුතුවලටත් ඇඟිලි ගසයි! අලූත්ම වාර්තාවක් හෙළි කරයි

ඇමරිකානු රජය මෙරට ආගමික කටයුතුවලට සෘජුව මැදිහත්වෙමින් රාජ්‍ය නොවන සංවිධානයකට අරමුදල් සපයන බව ඇමරිකානු රජයේ අලූත්ම ආගමික කටයුතු වාර්තාව තුළින් අනාවරණය වී ඇත.

ඊයේ (3 දා) ප‍්‍රකාශයට පත්වූ මේ වාර්තාවේ දක්වා ඇත්තේ කි‍්‍රස්තියානි දෙව්මැඳුරු 74 කට ප‍්‍රහාර එල්ල වී ඇති බවයි. මෙම වාර්තාවෙන් සිංහල සංවිධානවලට චෝදනා එල්ල කර ඇත.

සිංහල බෞද්ධ ජාතිකවාදී කල්ලි සාහසික කි‍්‍රයා මෙහෙයවන බව එම වාර්තාවේ තවදුරටත් සඳහන් කර ඇත. ඇමරිකානු තානාපතිනිය නිරතුරුවම ජනාධිපති, අගමැති ඇතුළු නිලධාරීන් හමුවී ආගමික සහජීවනය ගැන සාකච්ඡා කරන බව ද බෞද්ධ කණ්ඩායම් සහ හමුදාව එක්වී හින්දු සහ මුස්ලිම් ප‍්‍රදේශවල බෞද්ධ විහාර ඉදිකරන බව ද එම වාර්තාවෙන් කියා සිටී.

පිටු 16 කින් යුත් මෙම විමර්ශන වාර්තාවේ සිංහල බෞද්ධ ජනතාවට සිදුවන හිරිහැර ගැන තොරතුරු අඩංගු වී නැත.

 

(Lanka Leads)