Sunday, October 27, 2024
Follow Us
ලොවපුරා කොරෝනා රෝගීන් මිලියන 23 ඉක්මවයි : ලොව තෙවැනියට වැඩිම මරණ සංඛ්‍යාව මෙක්සිකෝවෙන් - ඉන්දියාවේ එක් දිනක් තුල රෝගීන් 69 දහසක්

ලොවපුරා නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව මිලියන 23ක් ඉක්මවා ගොස් තිබෙන බව නවතම සංඛ්‍යා ලේඛන පෙන්නුම් කරනවා. මේ වන විට වාර්තා වන සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 23,120,216.

එමෙන්ම වෛරසය ආසාදනය වීමෙන් ජිවිතක්ෂයට පත්ව ඇති පුද්ගලයින් සංඛ්‍යාව අද වන විට ලක්ෂ 08 ඉක්මවා ගොස් තිබෙනවා. මේ වන විට ලොවපුරා වාර්තා වන සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 803,201ක් වනවා.

මේ වන විට ලොව වැඩිම කොරෝනා රෝගීන් හා මරණ සංඛ්‍යාවක් වාර්තා වන රටවල් අතරින් ඉහලින් සිටින්නේ අමෙරිකා එක්සත් ජනපදයයි. අමෙරිකාවෙන් වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව 5,796,727ක් වන අතර ජිවිතක්ෂයට පත්ව ඇති පුද්ගලයින් ගණන 179,200ක්.

දෙවැනියට ලොව වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන බ්‍රසීලයේ මේ වන විට රෝගීන් 3,536,488 ක් හා මරණ 113,454ක් වාර්තා වනවා.

ඉන්දියාවට සාපේක්ෂව රෝගීන් සංඛ්‍යාව අඩු වුවත් ලොව තෙවැනි තැනට වැඩිම කොරෝනා මරණ වාර්තා වන්නේ මෙක්සිකෝවෙනි. මෙක්සිකෝවෙන් මේ වන විට රෝගීන් 549,734ක් සහ මරණ 59,610ක් වාර්තා වී ඇත.

අසල්වැසි ඉන්දියාවේ ඊයේ දිනයේදී මේ දක්වා දිනක් තුල වාර්තා වූ ඉහළම කොරෝනා රෝගීන් සංඛ්‍යාව වාර්තා වූ බව එරට මාධ්‍ය වාර්තා කර සිටිනවා.

එරටින් ඊයේ දිනයේදී කොරෝනා රෝගීන් 69,878ක් සමගින් මේවන විට වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව 2,975,701ක්.

එමෙන්ම එරට සමස්ත මරණ සංඛ්‍යාව 55,928 ක් වන අතර එය ලොව සිව්වෙනියට වාර්තා වන ඉහලම කොරෝනා මරණ සංඛ්‍යාවයි.

(Neth)