Sunday, October 27, 2024
Follow Us
මහ මැතිවරණයේ විජයග්‍රහණය වෙනුවෙන් ඔස්ට්‍රේලියානු අගමැතිවරයා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට සුභ පැතුම් එක් කරයි

මහ මැතිවරණයෙන් ලද විජයග්‍රහණය පිළිබඳව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මහතා 2020.08.21 පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක් කළේය.

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ද්වී පාර්ශවික සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමේ අභිලාෂයෙන් විවිධ ක්ෂේත්‍ර ඔස්සේ අන්‍යෝන්‍ය සහයෝගීතාවය වර්ධනය කර ගන්නා ආකාරය පිළිබඳව දෙරටේ නායකයෝ සාකච්ඡාවක නිරත වූහ.

“ලෝකයේ මේ අර්ධයේ බොහෝ දේ සිදුවෙමින් පවතින” බව පැවසූ අග්‍රාමාත්‍ය මොරිසන් මහතා, අගමැති රාජපක්ෂ මැතිතුමා හා නව රජය සමඟ ඉතා සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව පැවසීය.

ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සුවදුක් විමසා එතුමාට සුබ පැතුම් එක් කරන බව ද කියා සිටියේය.

COVID-19 තත්ත්වය පාලනය වූ පසු ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස අග්‍රාමාත්‍ය රාජපක්ෂ මැතිතුමා, ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මොරිසන් මහතාට ආරාධනා කළේය.

මෙම ආරාධනාව සතුටින් පිළිගනිමින් ස්තූති කළ ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා, ශ්‍රී ලංකාවට පැමිණි අවසන් සංචාරය සිහිපත් කරමින් “ශ්‍රී ලංකාව සුන්දර රටක්” යැයි පවසා තමන් හැකි වහාම මෙරට සංචාරයේ නිරත වන බව පැවසීය.