Saturday, October 26, 2024
Follow Us
” ඉන්දියාව පළමුව ” නව ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බව නව විදේශ ලේකම් කියයි

පසුගිය 15 වැනිදා ඩේලි නිවුස් ඉලෙක්ට්‍රෝනික පුවත් පතට ප්‍රකාශයක් නිකුත් කරමින් නව විදේශ ලේකම් අද්මිරල් ජයනාත් කොළඹගේ මහතා ප්‍රකාශකොට ඇත්තේ නව ආණ්ඩුවේ ප්‍රතිපත්තිය ” ඉන්දියාව පළමුව ” යන්න බවය.

එම ප්‍රතිපත්තිය නොබැඳි ප්‍රතිපත්තිය ලෙස හැඳින්විය නොහැකි බව විචාරකයින් පවසන අතර ඒ මඟින් ශ්‍රී ලංකාව ඉන්දියානු – ඇමරිකානු – ජපාන සංවිධානයේ උවමනාවන්ට අනුව ඉන්දියාව විසින් ඉදිරිපත් කරන ඉල්ලීම් වලට ප්‍රමුඛතාවය දීමට බැඳී සිටින බවය.

ඒ අතර ඔහු එම ප්‍රකාශය කරන්නේ ජනාධිපතිතුමා හෝ අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලබන තීන්දුවක් අනුවද යන්න සඳහන් කොට නැත. මිට පෙර ඔහු සම්බන්ධව සිටින ” පාත් ෆයින්ඩර් ” ආයතනය විසින් පසුගිය යහපාලන ආණ්ඩුවට සකස් කළ ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තියට අදාළ උපායමාර්ගික ලේඛනයක් වර්තමාන රජයට බාරදුන් බව වාර්තා විය.

(Lanka Leads)