Saturday, October 26, 2024
Follow Us
යුරෝපා සංගමය කොටි සංවිධානය තහනම් කරයි

යුරෝපා සංගමය විසින් කොටි සංවිධානය තහනම් කර ඇත.

කොටි සංවිධානය ඇතුළු තවත් ත‍්‍රස්ත සංවිධාන 20 ක් යුරෝපා සංගමයේ අලූත්ම තහනම් නාම ලේඛනයට ඇතුළත් කර තිබේ.

මෙයට පෙර යුරෝපා මානව හිමිකම් අධිකරණය විසින් කොටි සංවිධානයට පනවා තිබූ තහනම ඉවත් කර තිබුණි.

මෙම තහනම යටතේ යුරෝපයේ රටවල් 30 කට එය බලපැවැත්වේ.

මේ අතර කොටි තහනම ඉවත් කරන ලෙස රටින් පිටත ඊළාම් ආණ්ඩුව නමැති කොටි හිතවාදී සංවිධානය බි‍්‍රතාන්‍ය අධිකරණයෙන් කළ ඉල්ලීම ගැන මෙතෙක් තීන්දුවක් ලබාදී නැත.

(Lanka Leads)