Saturday, October 26, 2024
Follow Us
කොටි ඩයස්පෝරා සංවිධාන 16 ක් තහනම් කරයි

යාපනය ඉයක්කච්චි හි සිදු වූ සී 4 බෝම්බ පිපිරීම සහ ඔස්ටේ‍්‍රලියාවෙන් යළි කළු කොටි බෝම්බකරුවන් මතුවිම නිසා කොටි ඩයස්පෝරා සංවිධාන 16 ක් සහ විදෙස්ගත කොටි ක‍්‍රියාකාරීන් 50 දෙනකුට යළි මෙරටට පැමිණීම තහනම් කිරීමට ආරක්‍ෂක බලධාරීන් තීරණය කර ඇත.

2015 වසරේ මැද භාගයේ සිට 2019 මැයි දක්වා කාලය තුළ මෙම කොටි හිතවාදී සංවිධාන ප‍්‍රධානීන් උතුරට පැමිණ හිටපු කොටි සාමාජිකයන් සමඟ රහස් සාකච්ඡා පවත්වා ඇතත් යහපාලන රජය ඒ ගැන තැකීමක් කර නැතැයි බුද්ධි අංශ ඉහළ පෙළේ ආරංචිමාර්ග පැවසීය.

කැනඩාවේ කොටි ජාලය පමණක් උතුරේ දේශපාලකයකුට රුපියල් මිලියන 250 ක් ලබා දී තිබූ බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

2015 වසරේ දී යහපාලන රජය සංහිඳියාව මුවාවෙන් කොටි හිතවාදී සංවිධානවලට පනවා තිබූ තහනම ඉවත්කර ඇත.

බි‍්‍රතාන්‍ය ද්‍රවිඩ සංසදය, ගෝලීය ද්‍රවිඩ සංසදය කැනඩා ද්‍රවිඩ ජාතික කවුන්සිලය, ඔස්ටේ‍්‍රලියානු ද්‍රවිඩ කවුන්සිලය, ඔස්ටේ‍්‍රලියානු ද්‍රවිඩ සම්බන්ධීකරණ කමිටුව, ද්‍රවිඩ ඊළාම් ජනතා සභාව – ලෝක ද්‍රවිඩ සංවිධානය ඇතුළු කොටි හිතවාදී සංවිධාන 16 ක් මේ අනුව තහනම් වේ.

එම සංවිධානවල ප‍්‍රධානීන්ට ද මෙරටට පැමිණීමට වීසා බලපත් නිකුත් නොකරනු ඇත.

Divaina