Saturday, October 26, 2024
Follow Us
කොවිඩ් කාලේ ලංකාවේ මුස්ලිම් ප්‍රජාව අපකීර්තියට පත් කරලා

ජිනීවාහි එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 44 වැනි සැසියේදී සිය ආරම්භක දේශනය සිදු කරමින් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැචලෙට් ශ්‍රී ලංකාව පිළිබඳ කනස්සල්ල පළ කර ඇත.

මානව හිමිකම් පිළිබඳ ගෝලීය යාවත්කාලීන කිරීම් සහ කොවිඩ් 19 වසංගතයේ බලපෑම හමුවේ ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කරගත් අපකීර්තිමත් සිදුවීම් වාර්තා වන බව මහකොමසාරිස්වරිය එහි දී ප්‍රකාශ කර තිබේ.

ඊයේ පැවැති ආරම්භක දේශනයේ දී ඇය වැඩිදුරටත් මෙසේද සඳහන් කළාය.

‘‘ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ මුස්ලිම් සුළුතරයේ සාමාජිකයන් ඉලක්ක කර ඇත්තේ කොවිඩ් 19 සමග සම්බන්ධ කරන අපකීර්තිමත් සහ වෛරී ප්‍රකාශවලිනි. එසේම කොවිඩ් 19 ආසාදනය වී ඇතැයි අනුමාන කරන පුද්ගලයන්ට එරෙහි අපකීර්තිමත් ප්‍රකාශ මෙන්ම තර්ජනය කිරීම්ද දැක ගත හැකිය.’’

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් ගණනාවක වසංගතය හේතුවෙන් ඇති වූ ආර්ථීක අවපාත හේතුවෙන් කර්මාන්ත ක්ෂේත්‍රයේ මානව හිමිකම් උල්ලංඝනය වීම් රැසක් පිළිබඳ වාර්තා වන බවද මහකොමසාරිස්වරිය සිය දීර්ඝ කතාවේ සඳහන් කර ඇත.

(Aruna)