Saturday, October 26, 2024
Follow Us
කරුණාගේ යුද අපරාධ ගැන ජිනීවා කවුන්සිලයෙන් පරීක්‍ෂණ

ජිනීවා මානව හිමිකම් කවුන්සිලය මුල්වරට කරුණා සිදුකළ බව කියන යුද අපරාධ ගැන පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය කිරීම සහ ළමයින් සොල්දාදුවන් ලෙස බඳවා ගැනීම යන චෝදනා ඔහුට එල්ල වී තිබේ.

මෙම බරපතල චෝදනා යටතේ කරුණාට එරෙහිව ජාත්‍යන්තර සර්වලෝක නීතිය කි‍්‍රයාත්මක වන අතර ඔහු විදේශ රටකට පැමිණියහොත් අත්අඩංගුවට ගනු ඇත.

කරුණාට එරෙහිව ජාත්‍යන්තර නීතිය කි‍්‍රයාත්මක කරන ලෙස හියුමන් රයිට්ස් වොච් සංවිධානයද ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා තිබේ.

2007 වසරේදී කරුණා ලන්ඩන් නුවරදී අත්අඩංගුවට ගැනීමෙන් පසු යුද අපරාධ චෝදනා එල්ලවුවත් ඔහු සතුව තානාපති ගමන් බලපත‍්‍රයක් තිබීම නිසා එම චෝදනාවලින් ගැලවී ඇත.

(Lanka Leads)