Saturday, October 26, 2024
Follow Us
ජර්මනියේ සහ යුරෝපා සංගමයේ තානාපතිවරුන් නැගෙනහිර ආණ්ඩුකාරවරිය හමුවෙයි

ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති Jorn Rohde , ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ තානාපති Denis Chaibi සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය අතර විශේෂ හමුවක් ත්‍රිකුණාමලය පිහිටි ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ දී (24) පෙරවරුවේ පැවැත්විණි. එහිදී විශේෂ අවධානය යොමු වුයේ නව රජය පත්වීමෙන් පසුව නැගෙනහිර පළාතේ සිදුව ඇති වෙනස්කම් සම්බන්ධවයි.

අධ‍්‍යාපන ක්ෂේත්‍රයට නව රජය ප්‍රමුඛත්වයක් ලබා දෙන බව ආණ්ඩුකාරවරිය මෙහිදි තානාපතිවරුන් හමුවේ පැවසුවාය. ඊට අමතරව කෘෂිකර්මාන්තය දියුණු කිරිම සඳහාත් කෘෂිකාර්මික කටයුතු වලට කාබනික පොහොර යෙදවීමට ගොවීන් උනන්දු කිරීම සඳහාත් දැඩි වෙහෙසක් ගන්නා බවද ආණ්ඩුකාරවරිය කීවාය.

සංචාරක කර්මාන්තය දියුණු කිරීමට අවශ්‍ය සහය ලබා දෙන බවත් කෘෂිකර්ම ක්ෂේත්‍රය උපයෝගී කරගනිමින් නව සංචාරක කලාප ඇති කිරිමට කටයුතු යොදන ලෙසත් තානාපතිවරු දෙදෙනා ආණ්ඩුකාරවරිය හමුවේ පැවසුහ.

මේ අවස්ථාවට ආණ්ඩුකාර ලේකම් එල්.පී.මදනායක මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

(news.lk)