Friday, October 25, 2024
Follow Us
ඉරාන තානාපතිවරයා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවෙයි....

ශ්‍රී ලංකාවේ සිටින ඉරාන තානාපති හෂීම් අශ්ජසාඩේ (Hashem Ashjazadeh) මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.

දෙරට අතර දිගු කලක් මුළුල්ලේ පවතින මිත්‍ර සබඳතා පිළිබඳව මෙම හමුවේ දී අවධානය යොමු වූ අතර එම සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට ගන්නා පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කෙරිණ.

ශ්‍රී ලංකාව සහ ඉරානය අතර රාජතාන්ත්‍රික සබඳතා 1962 දී ස්ථාපනය විය. කොළඹ පිහිටි ඉරාන තානාපති කාර්යාලය 1975 දී පිහිටවූ අතර ටෙහරාන් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් පිහිටුවන ලද්දේ 1990 දී ය.

ශ්‍රී ලංකා - ඉරාන සබඳතා තවදුරටත් ප්‍රවර්ධනය කිරීම කෙරෙහි තම රට තවදුරටත් අපේක්ෂා කරන බව ප්‍රකාශ කළ තානාපතිවරයා දැනට පවතින සහයෝගීතාවන්වල ප්‍රගතිය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළේය.

ඉරානය වෙත කෙරෙන ශ්‍රී ලංකා අපනයනය ඇමරිකානු ඩොලර් මිලියන 150ත් 200ත් අතර අගයක් ගනී. මැදපෙරදිග කලාපය ගත් කළ ඉරානය ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම අපනයන ගමනාන්තය ද වන අතර, සමස්ත අපනයනවලින් 90%ක් තේ නිෂ්පාදන වේ.

(news.lk)