Friday, October 25, 2024
Follow Us
වීසා විධිමත් කරගන්න ඉතාලියේ ලාංකිකයන්ට කොන්සියුලර් සහාය

ඉතාලි රජය විසින් ලබාදී ඇති ‘සනතෝරියා 2020’ විශේෂ පොදු සමාව යටතේ එරට රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් 10,000 කට තම වීසා තත්ත්වය විධිමත් කිරීමේදී කොන්සියුලර් සහාය ලබාගැනීමේ පහසුකම් සපයා ඇත.

මේ යටතේ කොන්සියුලර් සේවා සැපයීම 2020 ජුනි 1 වැනිදා සිට ජූලි 15 වැනිදා දක්වා ක්‍රියාත්මක කරන බව විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

කොවිඩ් – 19 වසංගතයේ වර්තමාන අවිනිශ්චිතතාවන් මධ්‍යයේ සහ වසර ගණනාවක් තිස්සේ අඛණ්ඩව පවතින ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා මත ඉතාලියේ ශ්‍රී ලංකා ප්‍රජා සාමාජිකයන්ට මෙම ‘සනතෝරියා’ මගින් එරට රැඳී සිටීමේ අවස්ථාව ලබා දී ඇත.

රෝමයේ සහ මිලාන්හි ශ්‍රී ලංකා දූත මණ්ඩල විසින් මේ සඳහා විශේෂ කොන්සියුලර් සේවය ආරම්භ කර තිබේ. ඒ අනුව අයැදුම්පත් ඉදිරිපත් කිරීමෙන් පසු වැඩකරන දින 10ක් ඇතුළත කඩිනමින් ඔවුන්ගේ මුල් ගමන් බලපත්‍ර ලබාගත හැකිය.

මෙම පොදු කොන්සියුලර් සේවය යටතේ විදේශ ගමන් බලපත්‍ර සඳහා අයැදුම්පත් 2020 ජුනි 30 දිනට පෙර තානාපති කාර්යාල විසින් ලබාගත යුතු වේ.

සමාව අයැදුම් කාලයේ සියලුම අයැදුම්කරුවන්ට ඔවුන්ගේ විධිමත් කිරීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම සඳහා මුල් ගමන් බලපත්‍ර නිකුත් කරනු ඇත.

(Aruna)