Friday, October 25, 2024
Follow Us
කොටි සමරු උළෙලට පිල්ලේ කොටි කොඩියේ පාටින් සැරසිලා….

දකුණු අපි‍්‍රකාවේ පැවැති කොටි සමරු උත්සවය සඳහා හිටපු මානව හිමිකම් කොමසාරිස් නවි පිල්ලේ පැමිණ ඇත්තේ කොටි ධජයේ වර්ණ ඇතුළත් සාරියක් ඇඳගෙන බව හෙළි වී ඇත.

තමිල් සංගම් නමැති කොටි සංවිධානය විසින් මෙහෙයවූ මෙම කොටි සමරු උත්සවය අමතා ප‍්‍රකාශයක් කළ නවි පිල්ලේ වන්නි මෙහෙයුමේදී ද්‍රවිඩයන් 146,000 ක් ඝාතනය වූ බව පවසා තිබේ.

මානව හිමිකම් කොමසාරිස් ධුරය දරද්දී මෙරටට පැමිණ ඇය නිදහස් චතුරස‍්‍රයේ පිහිටි සිංහ කොඩිය හා ඞී. එස්. පිළිරුව ගැලවිය යුතු බව පැවසුවාය.

ශී‍්‍ර ලංකා හමුදාව යුද අපරාධ කළ බව ඇය මානව හිමිකම් සමුළුව අමතමින් සඳහන් කර තිබිණි.

(Lanka Leads)