Friday, October 25, 2024
Follow Us
ඉන්දියාවේ කොවිඩ් නිමවනතුරු බෝරා නායකයා ඇතුළු අනුගාමිකයන් 45 දෙනෙක් ලංකාවේ

ඉන්දියාවේ කොවිඩ් -19 වසංගතය සමනය වනතුරු ‘ඩාවුඩ් බෝරා ප්‍රජාවේ’ ආධ්‍යාත්මික ආචාර්ය සයිඩ්නා මෆාඩාල් සයිෆුඩීන් ඇතුළු අනුගාමිකයන් හතළිස් පස්දෙනකුට මෙරටට පැමිණ රැඳී සිටීම සඳහා අවසර ලබාදෙන ලෙස ශ්‍රී ලංකා රජයෙන් කරන ලද ඉල්ලීමකට ශ්‍රී ලංකාව අනුමැතිය ලබාදී ඇත.

‘‘බෝරා ප්‍රජාවේ ආධ්‍යාත්මික නායකයා සහ අනුගාමිකයන් හතළිස්පහක පිරිසක් ලංකාවට එන්න අවසර ඉල්ලා තියෙනවා. ඒ නායකයන්ට සලකන්නේ රටක නායකයෙක් විදිහට. ඔවුන්ගේ නිවාඩු නිකේතනයක් බණ්ඩාරවෙල තියෙනවා. එතනට එන්න අවසර ඉල්ලා තියෙනවා. අපි ඒකට අවසර ලබාදීල තිබෙනවා‘’ විදේශ කටයුතු පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පවසයි

මෙම පිරිස ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ කොවිඩ් -19 වයිරසය වැළැක්වීම සම්බන්ධයෙන් රජයෙන් පනවා ඇති සියලු මාර්ගෝපදේශයන්ට අනුකූලව බවද අතිරේක ලේකම්වරයා පැවසීය.

(Lanka Leads)