Friday, October 25, 2024
Follow Us
නව ඉන්දීය මහ කොමසාරිස් ජනපති හමුවෙයි

ශ‍්‍රී ලංකාවේ නව ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවුණා. ඒ, ජනාධිපති කාර්යාලයේදීයි. නව ක්ෂේත‍්‍ර විමර්ශනය කරමින් ද්විපාර්ශවික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා වන දෙරටේ කැපවීම ජනාධිපතිවරයා, මෙරට ඉන්දීය නව මහ කොමසාරිස්වරයා වෙත නැවත තහවුරු කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමග ඉකුත් දා දුරකථනයෙන් කළ සුහද සාකච්ඡුාව සිහිපත් කළ ජනාධිපතිවරයා වත්මන් දුෂ්කර අවස්ථාවේ

ශී‍්‍ර ලංකාවට ලබාදුන් සහයෝගය සම්බන්ධයෙන් මෙහිදී ඉන්දීය රජයට සිය ස්තූතිය ද පුදකළා. මෙහිදී අදහස් දක්වමින් මෙරට ඉන්දීය නව මහ කොමසාරිස්වරයා කොරෝනා වසංගතයට එරෙහිව ලක් රජය ගෙන යන සාර්ථක සටනට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාදෙන නිවැරදි නායකත්වය ද අගය කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

(Neth)