Friday, October 25, 2024
Follow Us
ජනපතිගේ කතාවට එන්.ජී. ඕ. කුලප්පු වෙයි

බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු මේජර් ජනරාල් ධුරයකට උසස් කිරීම සහ රණවිරුවන්ට එරෙහිව කිසිඳු කි‍්‍රයාමාර්ගයක් ගැනීමට ඉඩ නොතබන බවට ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පසුගියදා රණවිරු සැමරුම අමතා කළ ප‍්‍රකාශයට එරෙහිව රාජ්‍ය නොවන සංවිධාන කණ්ඩායමක් එසැනින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පැමිණිලි කර ඇත.

රණවිරු සමරුවේදී හෙලිකොප්ටර් යානා තුනකින් මල් දැමීමේ සිද්ධිය ද එම රාජ්‍ය නොවන සංවිධාන සිය පැමිණිල්ලේ දක්වා තිබේ.

මේ අතර ශී‍්‍ර ලංකාවේ හමුදාවට බි‍්‍රතාන්‍ය යුද පුහුණු හෝ වැඩමුළු සඳහා ඇරැයුම් කිරීමෙන් වළකින ලෙස ද බි‍්‍රතාන්‍ය කොටි ඩයස්පෝරාව බි‍්‍රතාන්‍ය රජයෙන් ඉල්ලා ඇත.

(Lanka Leads)