Friday, November 08, 2024
Follow Us
කොළඹ කොටස් වෙළඳපොල යළි ගනුදෙනු අරඹයි

අද පෙරවරුවේ අත්හිටවූ කොළඹ කොටස් වෙළඳපොල යළි සක්‍රීය තත්වයට පත්ව තිබෙනවා. ඒ අනුව සාමාන්‍ය පරිදි ගනුදෙනු සිදුවන බවයි වාර්තා වන්නේ.

ප්‍රධාන මිල දර්ශකය පහත වැටීම හේතුවෙන් කොටස් වෙළඳපොල ගනුදෙනු අත්හිටුවීමට සිදු වූ අතර සමස්ත මිල දර්ශක අගය 2.7% කින් පහළ ගොස් තිබිණි.

අද දහවල් වනවිට කොටස් වෙළඳපොල සමස්ත පිරිවැටුප සටහන්ව තිබුණේ රුපියල් මිලියන 278.3 ක් ලෙසයි.

(LNw)