විජය කුමරු ඇතුළු පිරිස ශ්‍රී ලංකාවට පැමිණෙන විට කුවේණිය කපු කටිමින් සිටි බව ඉතිහාස කතාවේ සඳහන් වුවද මේවනවිට ශ්‍රී ලංකාවේ රෙදිපිළි නිෂ්පාදනයට අවශ්‍ය නූල් සියල්ල ආනයනය කිරීමට සිදුව තිබේ.
එම අඩුව සම්පුර්ණ කිරීමට කෙසෙල් ගසේ තන්තු යොදාගෙන ''නූල්'' නිෂ්පාදනය කර එමගින් අත්යන්ත්‍ර රෙදිපිළි පර්යේෂණ මට්ටමින් නිපදවා ඇත.
පරිසර හිතකාමී, ස්වභාවික නිෂ්පාදනයක් ලෙසින් වාණිජ වශයෙන් 'Sri Lankan Banana Apparels' ලොවට හඳුන්වාදීම තුළින් ඉදිරියේදී ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයන ක්ෂේත්රයට වැඩි වටිනාකමක් හිමිවන බව ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලුම් ආයතනයේ අධ්යක්ෂ ජෙනරාල්, ඉංජිනේරු රොබට් වී පීරිස්, බීබීසී සිංහල සේවයට කියා සිටියේය.
කෙසෙල් ගසෙන් ලබා ගන්නා තන්තු රසායනික ක්‍රියාවලියක් තුළින් සියුම් තත්ත්වයට පත් කර ''කෙසෙල් නූල් '' නිෂ්පාදනය කරනු ලැබේ.
අමතර ආදායමක්
මොරටුව විශ්ව විද්‍යාලය, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලුම් ආයතනය [SLITA] එක්ව 2016 වසරේ සිට කළ පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස ''කෙසෙල් නූල්'' භාවිත කර නිපදවන රෙදිපිළි වෙළෙඳපොළට හඳුන්වාදීමට අවශ්‍ය කටයුතු මේ දිනවල සිදු කෙරේ.
ශ්‍රී ලංකාවේ හෙක්ටයාර 53,000ක කෙසෙල් ගස් මිලියන මිලියන 45ක් පමණ වගා කර ඇති අතර අස්වනු නෙළීමෙන් පසු ඒවායේ කඳන් ඉවත දමයි. අපද්‍රව්‍යයක් ලෙස ඉවතලන එම කෙසෙල් කඳන් ''නූල්'' නිෂ්පාදනයට යොදාගැනීමෙන් කෙසෙල් වගාකරුවන්ට ද අමතර ආදායමක් හිමිවේ.
(BBC)