Saturday, April 26, 2025
Follow Us
Viber පරිශීලකයන්ට භාතිය සන්තුෂ් ස්ටිකර්

1990 දශකයේ සිට ශ්‍රී ලංකාවේ වඩාත්ම දක්ෂ සහ ජනප්‍රිය ගායක යුගලයක් වන ‘භාතිය සන්තුෂ්” ඔවුන්ගේ රසික රසිකාවියන්ට සමීප කරවමින් Rakuten Viber විසින් රසික රසිකාවියන්ට එකිනෙකා අතර අදහස් හුවමාරු කරගත හැකි Viber ස්ටිකර් එකතුවක් පසුගිය මස 27 වැනි දින නිකුත් කළේය. ඒ අනුව භාතිය සන්තුෂ් රසික රසිකාවියන් ඇතුළු සියලු Viber පරිශීලකයන්ට 27 වැනිදා සිට මේ ස්ටිකර් පැකේජය බාගත කර ගැනීමට හැකියාව ඇත.

මේ ස්ටිකර් ඇසුරුම සියලු Viber භාවිත කරන්නන්ට සහ BNS රසිකයන්ට නොමිලේ ලබා ගත හැකි අතර, මේ ස්ටිකර් චැට් කිරීම විනෝදජනක සහ සැහැල්ලු හදවතක් ඇති කරලීමේ ආශ්වාදය ගෙන දෙයි. පරිශීලකයන් BNS ස්ටිකර් ඇසුරුම බාගත කළ විට, ඔවුන්ට ස්වයංක්‍රීයව BNS Viber ප්‍රජාවට සම්බන්ධවීමට හැකි වේ.

(Dinamina)