තරුණ ලාංකේය ව්‍යවසායකයන්ගේ මණ්ඩලයේ (COYLE) මියන්මාර පාර්ශ්වය පසුගියදා නිල වශයෙන් ආරම්භ කෙරිණි. මියන්මාරයේ යැන්ගොන්හිදී එම මණ්ඩලයේ මියන්මාර පාර්ශ්වය සහ Three Maroons අතර 2019 නොවැම්බර් මස 27 වනදා ඊට අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබිණි. ශ්‍රී ලංකාවේත් මියන්මාරයේත් ව්‍යාපාරික සහයෝගිතාව වැඩිදියුණු කිරීමේ මනා පදනමක් ලෙස මෙම ගිවිසුම කටයුතු කරනු ඇත.
COYLE මණ්ඩලයේ නියෝජිතයෝ 20 දෙනෙක් ද මියන්මාර ව්‍යාපාරිකයෝ 150 දෙනෙක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ. ද්විපාර්ශ්වයික ආර්ථික සබඳතා ඇතිකර ගැනීම සඳහා අනාගතයේ කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ ඔවුහු මෙහිදී සාකච්ඡා කළහ. ප්‍රතිපත්ති, නියෝජනය සහ ව්‍යාපාරික ප්‍රවර්ධනය වෙනුවෙන් එක්ව කටයුතු කරන ආයතන සහ සංවිධාන මෙම ගිවිසුමේ මූලික ඉලක්කයයි. වඩාත් සමීපව කටයුතු කරමින් COYLE මණ්ඩලයේ මියන්මාර පාර්ශ්වය හරහා රටවල් දෙක අතර වෙළඳ සහ ආයෝජන තවත් ශක්තිමත් කිරීම එහි අරමුණයි.
මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති නන්දිමිත්ර ඒකනායක මහතා ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. ව්‍යාපාරික ප්රබලයෙකු මෙන්ම Shwe Taung සමූහයේ නිර්මාතෘ හා සභාපතිතුමා මෙහිදී "මියන්මාරයේ අවස්ථා" යන මැයෙන් දේශනයක් ඉදිරිපත් කළේය. Thanlwin Legal සමාගමේ කළමනාකාර හවුල්කරු මෙන්ම AmCham Myanmar හි නීති කමිටුවේ සම-සභාපති සෙං චින්-පෝ මහතා "මියන්මාරයේ ව්‍යාපාරික නීතිය" යන මැයෙන් ඉදිරිපත් කිරීමක් සිදු කළ අතර UAB බැංකුවේ කළමනාකාර අධ්යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී මෙන්ම අධ්යක්ෂ මණ්ඩල උපදේශන හා ක්‍රමෝපාය කමිටුවේත්, අධ්යක්ෂ මණ්ඩල අවදානම් කමිටුවේත් සාමාජික ක්‍රිස්ටෝෆර් ලෝ මහතා ද "මියන්මාරයේ බැංකුකරණය" යන මැයෙන් දේශනයක් සිදු කළේය.
(Dinamina)