Sunday, April 27, 2025
Follow Us
විදෙස් ආයෝජකයෝ ආකර්ෂණය වෙති

පසුගිය නොවැම්බර් 20 දක්වා සතිය තුළ විදෙස් ආයෝජකයන් මිලදී ගෙන ඇති බැඳුම්කර වටිනාකම රුපියල් බිලියන 4.2කි. මේ අනුව මුළු තොගය රුපියල් බිලියන 120.8ක් දක්වා ඉහළ ගොස් ඇති බව නිල දත්ත පෙන්වා දෙයි.

විදේශීය ආයෝජකයන් රුපියල් බිලියන 157ක බැඳුම්කර රඳවාගෙන සිටි 2019 මැයි මාසයේ සිට භාණ්ඩාගාර බිල්පත් විකිණීම ආරම්භ කළහ. 2018 දෙවැනි භාගයේ ගෙවුම් ශේෂය දුර්වලවීමේ දී විදේශිකයන්ද විකුණා දැමූ ලැබූ අතර, අගෝස්තු මාසයේ සිට අතිරික්ත ද්‍රවශීලතා කම්පනයකින් බිඳවැටීම් ඇති විය. එම තත්ත්වය දේශපාලන තත්ත්වය හේතුවෙන් තවත් නරක අතට හැරුණි. මේ හේතු නිසා ඍණාත්මක කම්පනයක් ඇති කිරීමට හේතුවිය.

‘වත්මන් රජය ආර්ථිකය කෙරෙහි විශ්වාසය ඇති කරන අතර, එමඟින් භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර සඳහා විදේශ ආයෝජන ආකර්ෂණය වනු ඇති” යැයි ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක අජිත් නිවාඩ් කබ්රාල් මහතා පසුගිය සතියේ පැවැසීය‍. මෑත වසරවලදී ශ්‍රී ලංකාව රුපියලෙහි තත්ත්වය භාණ්ඩාගාරයේ ආයෝජන අධෛර්යමත් කිරීමට හේතුවී තිබේ. වෙළෙඳපොළ බිඳවැටීම හා රුපියල බාල්දුවීම විදේශීය ආයෝජකයන් පලා යෑමට හේතුවූ අතර, මේ හේතුවෙන් ණය පද්ධතියෙහි කම්පනයක් ද ඇති විය.

(Dinamina)