අභිනවයෙන් තේරී පත් වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නව පරිපාලන ක්‍රමවේදයක් ඔස්සේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය දියුණු කිරීම සඳහා කටයුතු කිරීමට සූදානම්ව සිටින අතර, වර්ධනයවී ඇති ණය මධ්‍යයේ මුදල් තත්ත්වය පහත වැටීමත් සමඟ ආර්ථික වර්ධනය මන්දගාමී වී ඇති බව කබිරාල් මහතා මාධ්‍ය වෙත පවසා ඇත. හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබිරාල්, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වියත් මඟ ප්‍රතිපත්ති චින්තනයේ ප්‍රධාන සාමාජිකයකු වන අතර, ඒ මහතා පවසා ඇත්තේ “ඉදිරියේ ඇති වගකීම සහ අභියෝග පිළිබඳ අපි හොඳ අවබෝධයකින් සිටිමු" යනුවෙනි. “පසුගිය වසර 4-5 තුළ සිදු කරන ලද ආර්ථික ක්‍රියාකාරකම් පිළිබඳ අපි අවධානයෙන් සිටියෙමු. එබැවින් ඒවා සඳහා ගත යුතු පිළියම් පිළිබඳ හොඳ අවබෝධයක් තිබෙනවා.
ඒ නිසාම වර්තමාන තත්ත්වය ග්‍රහණය කර ගැනීමට කාලය නාස්ති නොවනු ඇත." ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වා තිබේ. 2018 දෙවන කාර්තුවේදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සියයට 1.6 ක් දක්වා අඩුවී ඇති අතර, 2018 දී 153 සිට 182 දක්වා මුදල් කඩාවැටීමත් සිදුවී තිබේ. “නවරජය යටතේ වෘත්තීමය වශයෙන් කළමනාකරණය කළ, සැලසුම් සහගත ආර්ථික උපාය මාර්ගයක් ක්‍රියාත්මක වනු ඇතැයි ජනතාවට අපේක්ෂා තබාගත හැකියි” යනුවෙන් කබ්රාල් මහතා පවසයි.
(Dinamina)