Saturday, January 11, 2025
Follow Us
AMW නවතම ස්කූටරය YAMAHA NMAX 125

ඇසෝසියේටඩ් මෝටර්වේස් (පුද්ගලික) සමාගම (AMW) මෙරට යතුරු පැදි ලෝලීන්ට නිරන්තර නව්‍යකරණයන් සහිත නව මාදිලි හඳුන්වා දීමට කටයුතු කරන අතර, එහි තවත් වැදගත් ඉදිරි පියවරක් තබමින් YAMAHA NMAX 125 ස්කූටරය වෙළෙඳ පොළට හඳුන්වා දී තිබේ. මෙරට පැවැත්වෙන ප්‍රමුඛතම මෝටර් රථ ප්‍රදර්ශනය වන Colombo Motor Show මෙවරත් නොවැම්බර් 8, 9 හා 10 යන දිනයන්හිදී BMICH පරිශ්‍රයේදී පැවැත් වූ අතර නොවැම්බර් 8 වැනි දින ප්‍රදර්ශන භූමියේදී Yamaha NMAX 125 ස්කූටරය එළිදැක්වීම සිදු විය. AMW සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ බ්‍රැන්ඩන් මොරිස්, AMW සමාගමේ මගී වාහන අංශයේ අධ්‍යක්ෂ යොහාන් ද සොයිසා සහ යමහා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - සහරාන් සියාවුඩීන් යන මහත්වරුන් මේ අවස්ථාවට සහභාගි වූහ.

Yamaha NMAX 125 යනු උසස්ම තත්ත්වයේ ආරම්භක තලයේ (Premium entry-level) ස්කූටරයකි. අති නවීන ජපන් තාක්ෂණයෙන් සන්නද්ධ මෙම නවතම AMW හඳුන්වාදීම නූතන යතුරු පැදි ලෝලීන්ගේ කැමැත්ත අනුව නාගරික ප්‍රදේශයන්හි ඵලදායීව පැද යා හැකි ආකාරයට නිෂ්පාදනය කර තිබේ. නවීන ලෝකයේ ජීවන රටාවක වෙසෙන යතුරු පැදි හිමිකරුවන්ට ගැළපෙන පහසුකම් රැසක් මීට අන්තර්ගත වන අතර ඉහළ කාර්යසාධනය, ආර්ථිකයට පිරිමැසුම්දායී වීම, සිත් ඇදගන්නා පෙනුම, නවීන විලාසිතාව සහ වෙළෙඳ පොළේ තිබෙන අනිකුත් ස්කූටර් අතරින් සෑම අතින්ම ඉදිරියෙන් සිටීම වැනි කරුණු නිසා Yamaha NMAX 125 ගැනුම්කරුවන්ගේ විශ්වාසය උපරිමව දිනාගනු ඇත.

(Dinamina)