මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්රය විශාල වශයෙන් විදේශ විනිමය ලබාගත හැකි අංශයක් වුවත් අපේ රටේ නිසි ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක නොවීම නිසා මෙම වටිනා කර්මාන්තය අප රටින් ගිලිහෙමින් පවතින බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසයි.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ ඊයේ (15) “Jewels 2024” අන්තර්ජාතික මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳ ප්‍රදර්ශනයට සහභාගි වෙමිනි.
ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සහාය ඇතිව ශ්‍රී ලංකා මැණික් විද්‍යාඥයින්ගේ සංගමය විසින් දේශීය මැණික් හා ස්වර්ණාභරණ වෙළඳාම ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගනිමින් වාර්ශිකව සංවිධානය කරනු ලබන “Jewels 2024” (ස්වර්ණාභරණ 2024) අන්තර්ජාතික මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳ ප්‍රදර්ශනය හා තරගාවලිය පසුගිය 13,14 හා 15 යන තෙදින කොළඹ රමාඩා හෝටලයේදී පැවැත්විණ.
1970 දී ආරම්භ කළ ශ්‍රී ලංකා මැණික් විද්‍යාඥයින්ගේ සංගමය ශ්‍රී ලංකාවේ මැණික් විද්‍යාඥයින්ගේ වෘත්තීමය ආයතනය වන අතර ලාභ නොලබන සංවිධානයක් ලෙස ක්‍රියාත්මක වෙයි. විශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තකරුවන්ට අවශ්‍ය වෘත්තීමය දැනුම, තාක්ෂණය, දේශීය හා විදේශීය වෙළඳපල සපයා ගැනීම සඳහා පහසුකම් සපයන අතර මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්රයේ අධ්‍යාපනික කේන්ද්‍රස්ථානය ලෙසද කටයුතු කරයි.
“ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ තිරසාර සංවර්ධනය” මෙවර ප්‍රදර්ශනයේ තේමාව වන අතර ප්‍රදර්ශනය මෙවර පවත්වනු ලබන්නේ 14 වෙනි වරටය. “Jewels 2024” ප්‍රදර්ශනයට සමගාමීව ක්ෂේත්රයේ නවතම ප්‍රගතිය පිළිබඳව ජාත්‍යන්තර මැණික් විද්‍යාඥයින්ගේ සහභාගීත්වයෙන් “Jewels Talk” සම්මන්ත්‍රණය පවත්වන ලද අතර අංශ කීපයක් ඔස්සේ පවත්වන ලද තරගාවලියේ ජයග්‍රාහකයන්ට ත්‍යග පිරිනමන ලදී.