ආයුර්වේද සංස්ථාව 2023 වසරේදී රුපියල් මිලියන 195ක ලාභයක් වාර්තා කිරීමට සමත් වූ බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා පැවසීය.
මෙම ලාභය 2017 වසරින් පසු ලැබූ ඉහළම ලාභය බව පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා, ආයුර්වේද සංස්ථාවේ නව කළමනාකාරීත්වයේ කැපවීම තුළින් මෙම ලාභය වාර්තා කිරීමට හැකි වූ බව ද සඳහන් කළේය.
දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා මෙම අදහස් පළ කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (02) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.