Monday, October 21, 2024
Follow Us
2024 දි සිරිලකේ දුරකථන මිල සිතා ගැනීමටවත් නොහැකි වෙයි ද?

එළැඹෙන නව වසරේ ජනවාරි 1 සිට 15% පවතින වැට් බද්ද 18% දක්වා ඉහළ දැමෙන නිසාවෙන් බොහෝ භාණ්ඩ හා සේවා හී මිල ගණන් ඉහළ දැමීම දැනටමත් සිදුවෙමින් පවති. 

ඒ අනුව ජංගම දුරකථන හා ඒ ආශ්‍රිත උපාංග මිල සීඝ්‍ර ලෙස මේ වන විටත් ඉහළ යමින් ඇත. අද වන විට ජංගම දුරකථන හා ඒ ආශ්‍රිත උපාංග ජනතාවගේ අත්‍යාවශ්‍ය භාණ්ඩ වී හමාරයි.

මේ අතරට ජංගම දුරකථන , හෙඩ්සෙට්, චාජර් , බැටරි, ටැබ් පරිගණක ආදී සියලු දේවල් හී මිල ගණන් නියාමනකින් හෝ පාලනයකින් තොරවම වෙළඳපොළේ ඉහළ ගොස් ඇත.

ජනවාරි මස සිට මෙම උපාංග මිල කෙතරම් වේගයෙන් ඉහළ යයි දැයි වෙළඳුන්ටද සිතා ගත නොහැකි බවයි වාර්තා වන්නේ.

වෙළඳුන් පවසන්නේ ඉදිරියේදි ජංගම දුරකථන මිලදී ගැනීමක් සිදු නොවන බවත් , කැඩුණු උපාංග සකසා භාවිතා කිරීමට පාරිභෝගිකයන්ට සිදුවනු ඇති බවයි.

Aruna