Monday, October 21, 2024
Follow Us
ළඟ එන උත්සවය සමයත් සමඟ හිතුමතේ ඉහළ යන චිකන් - බිත්තර මිල

කුකුළු මස් කිලෝවක මිල අද (12) දිනයේ සිට ඉහළ දැමීමට කුකුළුමස් තොග වෙළඳුන් තීරණය කර ඇත.

ඒ අනුව රුපියල් 30-50 අතර මුදලකින් කුකුළු මස් කිලෝවක් ඉහළ දැමීමට නියමිතව ඇති අතර බොහෝ ගොවිපළ හිමියන් ඊයේ (11) දිනයේදීම මෙම මුදල ඉහළ දමා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව කිලෝවක් රුපියල් 1200ක මිලකට අලෙවි වූ කුකුළු මස් කිලෝවක තොග මිල නව මිල ගණන් යටතේ අද (12) සිට රුපියල් 1250ක් දක්වා ඉහළ යනු ඇති.

මේ අතර බිත්තරයක මිලද රුපියල් 60 දක්වා ඉහළ දැමීමට කටයුතු කර තිබෙනවා.

ඉල්ලුමට සරිලන සැපයුමක් නොලැබීම මත බිත්තර ඉහළමින් තිබෙන බවයි වෙළඳුන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

කෙසේ වෙතත් නත්තල් සමයේදී මෙම මිළ තවදුරටත් ඉහළ යාමට නියමිත බවයි වාර්තා වන්නේ.

-Aruna