Monday, October 21, 2024
Follow Us
2024 වසරේ සංචාරකයින් මිලියන 5ක් ගෙන්වීමේ සූදානම ගැන අවධානය
2024 වසරේ සංචාරකයින් මිලියන 5ක් මෙරටට ගෙන්වාගැනීමට සැලසුම් කිරීමේදී ඊට සමගාමීව නවාතැන් පහසුකම් ඇතුළු යටිතල පහසුකම් දියුණු කිරීමේ සූදානම පිළිබඳ ජාතික ආර්ථිකය හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු විය.

මෙම පිළිබඳ සාකච්ඡා කිරීම සිදු වූයේ ජාතික ආර්ථිකය හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්රී අලුත්ගමගේ මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (08) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

 
මෙහිදී අදහස් දක්වමින් සංචාරක හා ඉඩම් අමාත්යාංශයේ නිලධාරීන් සඳහන් කළේ Home Stay සංකල්පය ක්රියාත්මක කිරීමට සැලසුම් කොට ඇති බවයි. එසේම ඉදිරි වසරේදී ධණවත් සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීම වෙනුවෙන් සැලසුම් සකස් කොට ඇති බවද එම නිලධාරීහු පෙන්වා දුන්හ.
 
එසේම වැඩි වශයෙන් ලංකාවට සංචාරකයින් ආකර්ශනය කර ගැනීමේදී එම සංචාරකයින් පිළිගැනීමට මෙරට සාමාන්ය සමාජය සූදානම් කළ යුතු බවද කමිටුව පෙන්වා දුන්හ. මේ අනුව සංචාරකයින්ගෙන් මුදල් වංචා කිරීම ආදිය නවතා සංචාරකයින් ගෞරවාන්විතව පිළිගැනීමේ ක්රමයක් සකස් කළ යුතු බව පැමිණි මන්ත්රීවරු සඳහන් කළහ. මෙහිදී නිලධාරීන් පෙන්වා දුන්නේ මේ වන විටත් තෝරාගත් ප්රදේශවල පුහුණු වැඩසටහන් පවත්වන බවයි.
 
තවද ප්රාදේශීය මට්ටමෙන් පවතින සංචාරක ආකර්ෂණය සහිත ස්ථාන හඳුනාගෙන ඒවා ප්රවර්ධනය කිරීමේ ක්රමවේදයන් සකස් කිරීම වැදගත් වන බවද කමිටුව පෙන්වා දුන්නේය.
එසේම කර්මාන්ත අමාත්යාංශය යටතේ පවතින “කර්මාන්ත පුර” ක්රියාත්මක වන ආකාරය පිළිබඳවද ඒවා වඩාත් පළදායී ආකාරයෙන් යොදාගැනීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.
මීට අමතරව සංචාරක හා ඉඩම් අමාත්යාංශයේ 2022 වාර්ෂික වාර්තාව, සංචාරක ප්රවර්ධන කාර්යාංශයේ 2020 වාර්ෂික වාර්තාව, කර්මාන්ත අමාත්යාංශයේ 2022 වාර්ෂික වාර්තාව සහ සමාගම් රෙජිස්ට්රාර් දෙපාර්තමේන්තුවේ 2022 වාර්ෂික වාර්තාව, කහටගහ ග්රැෆයිට් ලංකා ලිමිටඩ් ආයතනයේ 2019/2020 වාර්ෂික වාර්තා, ලංකා පොස්පේට් ලිමිටඩ්හි 2021/2022 වාර්ෂික වාර්තා, ශ්රී ලංකා පේෂකර්ම හා ඇඟලුම් ආයතනයේ 2020 වාර්ෂික වාර්තාව සලකා බැලීමෙන් අනතුරුව අනුමති කිරීම මෙහිදී සිදු විය.
මෙම කාරක සභාව සඳහා පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන ඉරාන් වික්රමරත්න, අශෝක් අබේසිංහ, සුදත් මංජුල, මධුර විතානගේ සහ ගුණතිලක රාජපක්ෂ යන මහත්වරු සහභාගී වූහ.