Monday, October 21, 2024
Follow Us
2024 අයවැයෙන්

පීලි පැන ඇඳ වැටී තිබූ ශ්‍රී ලංකා ආර්ථිකය පසුගිය වසරක කාලය තුළ යළිත් පීල්ල මත තබන්නට හැකි වූ බවත්, ඒ වෙනුවෙන් ජනතාව වෙහෙසෙන විට එසේ නොකර රට ආපස්සට ඇද දමන්නට වෙහෙසුණු පිරිසකුත් සිටි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2024 අය වැය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය.

සමාජ ආරක්ෂණ වැඩසටහන් සඳහා පෙර වසරවල වැය කළ මුදල රුපියල් බිලියන 60ක් වුවත් 2024 වෙනුවෙන් ඒ සඳහා රුපියල් බිලියන 183ක් දක්වා තුන් ගුණයකින් ඉහළ නංවා තිබේ. 

අස්වැසුම ප්‍රතිලාභ ලැබීම ප්‍රමාද වූ සුදුසුකම් ලත් ප්‍රතිලාභීන්ට අතීතයේ සිට බලපැවැත්වෙන පරිදි ගෙවීම් සිදු කිරීමට පියවර ගැනීම

සුරංගනා කතා කියා රටක් ඉදිරියට ගෙන යා නොහැකි බවත් කාලයක් තිස්සේ දේශපාලන පක්ෂ ලබා දුන් ඡන්ද පොරොන්දු වල අවසන් ප්‍රතිඵලය රට බංකොළොත් වීම බව පෙන්වාදුන් ජනාධිපතිවරයා අවාසනාවකට රටේ ඇතැම් කණ්ඩායම් තවමත් මෙම තත්ත්වය අවබෝධකරගෙන නොමැති බවත් පැවසීය

දේශපාලන අරමුණු වෙනුවෙන් මිත්‍යාව පැතිරීම නවත්වන ලෙස 2024 අය වැය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කළ අතර, දේශපාලනයට වඩා රට ගැන සිතා රට ඉහළටම ඔසවා තබන්නට සියලු දෙනා අවංකව කැපවන ලෙසද ඉල්ලා සිටියේය