Monday, October 21, 2024
Follow Us
“expo මාතලේ” නිෂ්පාදන චීනයට අපනයන කිරීමේ වැඩපිළිවෙළක්

මාතලේ දිස්ත්‍රික්කයේ කුඩා මධ්‍යම හා මහා පරිමාණ  විවසායකයින් ගේ අපනයන භාණ්ඩ expo මාතලේ නමින් චීනයට යැවීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දා චීන රජයේ සිදු කරන ලද සංචාරයේදී ඇතිකරගත් විමසුමකට අනුවයි මෙම වැඩසටහන ක්‍රියාත්මක කොට ඇත්තේ.

ඒ අනුව ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතාගේ හා චීන රජයේ නියෝජිතයින් හා  මාතලේ දිස්ත්‍රික්කයේ විවසායකයින් අතර හමුවක් හා දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.

මෙම ප්‍රදර්ශනයේදී ව්‍යවසායන්ගේ නිර්මාණ චීන නියෝජිතයන්ට ප්‍රදර්ශනය කිරීමද සිදුවූ අතර චීන රජය සමඟ ගිවිසුම් ගත වී ඉදිරියේදී එම භාණ්ඩ අපනයනය කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරනු ලැබුවා.

Expo මාතලේ වැඩසටහන යටතේ චීන ශ්‍රී ලංකා ව්‍යාපාරික හමුවට එක්වූ චීන නියෝජිත පිරිස මාතලේ වේරගම පිහිටි ඩයනා ට්‍රේඩින් පුද්ගලික සමාගමේ ද නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර එහිදී එහි නිෂ්පාදනයන් චීනයට අපනයනය කිරීම පිළිබදව සාකච්ඡාවන් හි නිරත වුණා.

තවද චීන වෙළෙදපොළට එක්කිරීමේ අරමුණින්  මාතලේ උඩුපිහිල්ල ප්‍රදේශයේ කියෝතෝ කෝපි කර්මාන්ත ශාලාවෙි කෝපී නිරීක්ෂණය කිරීම සහ එම නිෂ්පාදනයන් හි ගුණාත්මක භාවය පරීක්ෂා කිරීම සඳහා චීන ආයෝජක කණ්ඩායම එක් විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ චීන සංචාරයත් සමඟ අප රටට අවශ්‍ය ඩොලර් උපයා ගැනීමට හා මාතලේ දිස්ත්‍රික්ක ජනතාවගේ ආර්ථික තත්ත්වය නංවාලීමට expo මාතලේ වැඩසටහන ඉවහල් වන බව එහිදී රාජ්‍ය  අමාත්‍ය රෝහණ දිසානායක මහතා සඳහන් කළා.