Monday, October 21, 2024
Follow Us
IMF අඛණ්ඩ කැපවීම හා සහය දෙන බවට ශ්‍රී ලංකාවට සහතිකයක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ වාර්ෂික සමුළුවට සමගාමීව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජිඔකමුරා මහතා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අතර හමුවක් ඊයේ (12) මොරොක්කෝවේ මරකේච්හීදි සිදුවිය.

ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයට සහ ආර්ථික ස්ථායීකරණ වැඩසටහනට සහය දැක්වීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අඛණ්ඩ කැපවීම හා සහය ලබා දෙන බවට ඔහු සහතික කළ බවට මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා විසින් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කරයි.