Monday, October 21, 2024
Follow Us
ශ්‍රී ලංකා මහ බැංකුවේ පොලී අනුපාත තවදුරටත් අඩුවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතික ඊයේ (04) තවදුරටත් අඩු කිරීමේ වාසිය ගනුදෙනුකාර ජනතාවට ලබා දෙමින් වාණිජ බැංකු මඟින් නුදුරේදීම තවදුරටත් පොලී අනුපාත අඩු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති, ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා විශ්වාසය පළ කළේය.

කොළඹ මහ බැංකු මූලස්ථානයේ අද (05) දහවල් පැවැති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් අධිපතිවරයා මේ බව කීය.

දැනට පවතින තැන්පතු භාරගන්නා මූල්‍ය ආයතන නියාමනයට පවතින නීති රීතිවලට අමතරව ඉදිරියේදී ණය දෙන ආයතන නියාමනය සඳහා ද නව නීති සකස් කළ යුතුව ඇතැයි ද වීරසිංහ මහතා ප්‍රකාශ කළේය.

රාජ්‍ය බැංකු ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සම්බන්ධයෙන් නීතිමය අධිකාරිමය බලය ඇත්තේ මුදල් අමාත්‍යාංශයටත් තම බැංකුවටත් බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.