Monday, October 21, 2024
Follow Us
ණය ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව සාධනීය මට්ටමකට

මීට වසරකට පමණ ඉහතදී අප රට තුළ පැවති ආර්ථික අර්බුධය හමුවේ අප රට බංකොලොත් රටක් බවට ප්‍රකාශ කිරීමෙන් අනතුරුව පළමු වතාවට ණය ශ්‍රේණි ගත කිරිම් අනුව අප රට මදක් ඉහළට පැමිණ ඇති බව ණය ශ්‍රේණිගත කිරීමේ ආයතය දෙකක් විසින් ප්‍රකාශයට පත්කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. 

රුවන්වැල්ල කොටළුගොඩකන්ද විහාරස්ථානයේ  ඊයේ (01) පැවති පුණ්‍ය උත්සවයකට සහභාගී වූ අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

ඒ අනුව මෙම ශ්‍රේණි ගත කිරීම් අද වන විට අප රට ධනාත්මක ගමනකට අවතීර්ණ වී ඇති බවට ආර්ථික වශයෙන් ඉතාමත්ම වැදගත් සාධකයක් බව අමාත්‍යවරයා වැඩිදුරටත්  සඳහන් කළේය. 

එසේම ස්වාධින ආයතන දෙකක් විසින් මෙවන් මතයක් ප්‍රකාශ කිරීම දේශිය හා ජාත්‍යන්තර වශයෙන් ඉතා වැදගත් කාරණාවක් බව ද අමාත්‍යවරයා මෙහිදී  ප්‍රකාශ කළේය