Monday, October 21, 2024
Follow Us
අසීරු අවස්ථාව ජය ගත් අපට IMF දෙවැනි වාරිකයත් ලැබෙනවා

ආර්ථික අර්බුදයේ අසීරුතම අවස්ථා ජයගත් රජය සම්පූර්ණයෙන්ම ඉන් මිදීමට අවශ්‍ය සියලු පියවරයන් ඉදිරි දිනවල සම්පූර්ණ කරන බව වැඩබලන ආයෝජන ප්‍රවර්ධන ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

දැවැන්ත ආර්ථික අර්බුදයකින් පසුවූ අපේ රට දැන් ක්‍රමයෙන් ඒ තත්ත්වයෙන් මිදෙමින් පවතින බවත් ඉතිරි අර්බුදය ද ජය ගැනීමට අපට හැකියාව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් නියෝජිත කණ්ඩායමේ ප්‍රධානියා වන පීටර් බ්රූවර් මහතා ද පෙන්වා දුන් බවත් ඇමැතිවරයා පැවසීය.

අපට ජය ගැන්මට ඇත්තේ තවත් සීමිත කඩඉම් කීපයක් බවත් එය ජය ගැන්මට අවශ්‍ය සියලු කටයුතු දැන් සිදු කෙරෙමින් පවතින බව ද වැඩබලන ආයෝජන ප්‍රවර්ධන ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රට ස්ථාවර තත්ත්වයකට පත්කරන්නට අවශ්‍ය සියලු දේ මේ වන විටත් කෙරෙමින් පවතින බැවින් ණය වාරිකයේ දෙවැනි වාරිකය පිළිබඳ රජය යහපත් පියවර රැසක්ම ගෙන අවසන් බවත් ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසීය.