Monday, October 21, 2024
Follow Us
ලංගම ඩිපෝ 39න් 30ක්ම දැන් ලාබයි

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ 39න් 30ක්ම මේ වන විට ලාබ ලබන බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

නව සභාපතිවරයා පත් වන විට ලංගම ඩිපෝ 39ට පඩි ගෙවන්නවත් ආදායමක් තිබුණේ නැහැ. දැන් ඩිපෝ නවයකටයි පඩි ගෙවන්න බැරි. 30කට ම පඩි ගෙවන්න පුළුවන් ආදායමක් ලබන බව ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ පැවති ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අලුතින් බඳවා ගන්නා ලද නව කොන්දොස්තර, රියැදුරු පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

අලුතින් බඳවා ගත් කොන්දොස්තර රියැදුරු මහත්වරුන් සිය දෙනෙකු සඳහා මෙහිදී පත්වීම් ලිපි ප්‍රදානය කෙරිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෙසේද පැවසීය. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ජාතිය සතු සම්පතක් නිසා එයින් ලැබෙන ලාභයෙන් කොටසකින් එය උපද්දවන්න සම්බන්ධ වෙන අයට පඩි වැඩි කර දෙන්න පුළුවන්. දිරිදීමනා දෙන්න පුළුවන්. සෞඛ්‍ය ආරක්ෂණයක් දෙන්න පුළුවන්. හැබැයි ඒ ඔක්කොම කරන්න ඩිපෝ ලාභ ලබන්න ඕනෑ. නව සභාපතිවරයා පත්වන විට ඩිපෝ 39ටම පඩි ගෙවන්න ආදායමක් තිබුණේ නැහැ.නමුත් දැන් පඩි ගෙවන්න බැරි ඩිපෝ නවයකට පමණයි. ඩිපෝ තිහක්ම පඩි ගෙවන්න පුළුවන් ආදායමක් ලබනවා. බස් එකට නඟින සියලු දෙනාට ටිකට් දීලා ඒ ලැබෙන ආදායම දවස ගානේ හෘද සාක්ෂියට එකඟවත් අවංකවත් ඩිපෝ එකට බැන්දොත් ඩිපෝ ඔක්කොම ලාබ ලබනවා.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් එල්. එච්. තිලකරත්න, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ඉංජි