Monday, October 21, 2024
Follow Us
විදුලිබල ඇමැති සහ ලෝක බැංකුවේ නියෝජිත පිරිසක් අතර සාකච්ඡා

විදුලිබල මණ්ඩලයේ සහ විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සදහා සහය පළකරන ලෝක බැංකුවේ නියෝජිත පිරිසක් විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයට පැමිණ පසුගියදා අමාත්‍ය කංචන විජේසේකර සමග සාකච්ඡාවක නිරතවන විය.

 විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ දී විදුලිබල මණ්ඩලයේ මූල්‍ය විගණනයට අවශ්‍ය තාක්ෂණික සහය, වත්කම් සහ මානව සම්පත් අනුයුක්ත කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කිරීම සහ නීතිමය රාමුව සකස්කිරීමට අවශ්‍ය තාක්ෂණික සහය ලෝක බැංකුව විසින් ලබා දී ඇත.

ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේදී සන්නිවේදන කටයුතු කිරීම සදහා වැඩපිළිවෙළක් නිර්මාණය කිරීම, පුනර්ජනනීය බලශක්ති උත්පාදනය වෙනුවෙන් තරගකාරී ලංසුතැබීමේ සැලසුමක් සකස් කිරීම සහ බලශක්ති සඵලතාවය සදහා මූල්‍ය සහ තාක්ෂණික සහය ඉදිරියේදී ලබා ගැනීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරෙණි.

ලෝක බැංකුවේ බලශක්ති ප්‍රවීණයන් මෙන්ම විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්‍යංශයේ ප්‍රධානියා මෙම සාකච්ඡාවට එක් සිටියේය.