Monday, October 21, 2024
Follow Us
අස්වැසුමෙන් තවත් ප්‍රතිලාභින් 113,713 කට මුදල් බැර කරයි

“අස්වැසුම” තවත් අදියරක් ලෙස ගිණුම් තහවුරු කරගත් ප්‍රතිලාභින් 113,713 ක් සඳහා ජුලි මසට අදාළ රු. මි. 709.5ක මුදල බැංකු වෙත මේ වනවිට බැර කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි.


ඒ අනුව බැංකු මගින් ප්‍රතිලාභි ගිණුම් සදහා එම මුදල් බැර කරනු ඇත.
ප්‍රතිලාභි පවුල් 1,162,245 කට අදාළ රු. මි. 7,278 මුදලක් ජූලි මසට අදාළව මේ වන විට රජය ගෙවා ඇත.
අභියාචනා හා විරෝධතා සම්බන්ධ සමීක්ෂණ කටයුතු අවසන් වූ පසු සියලු ප්‍රතිලාභීන්ට ගෙවීම් සිදු කරන බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.