Tuesday, October 22, 2024
Follow Us
කුකුළු මස් මිලේ වෙනසක්

වෙළෙඳ අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවේ දී කුකුළු මස් මිල සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට හැකි වූ බව සත්ත්ව නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි.

එහි සභාපති අජිත් ගුණසේකර පැවසුවේ, දෙසැම්බර් උත්සව සමයේ දී දැනට රුපියල් 1,250කට අලෙවි වන කුකුළු මස් කිලෝග්‍රෑමයක් රුපියල් 1,100ක මුදලකට විකිණීමේ හැකියාවක් පවතින බවයි.

"වෙළෙඳ ඇමතිතුමාත් එක්ක අපි සාකච්ඡා කළා. ඒ අනුව අපි නිෂ්පාදන වියදම් ගණනය කිරීම් කරලා දීලා තියෙනවා. සාකච්ඡා කරලා යම් කිසි එකඟතාවකට ආවා. දැන් මස් හිඟයක් නෑ. සුළු හා මධ්‍ය පරිමාන නිෂ්පාදකයොත් උපරිම ධාරිතාවයෙන් නිෂ්පාදනය කරමින් සිටිනවා. ඒ අනුව ඉදිරියේ දී හිඟයක් එන්නේ නෑ. අපි බලාපොරොත්තු වෙනවා දෙසැම්බර් මාසේ වෙනකොට නිෂ්පාදන ධාරිතාව වැඩි වෙලා අතිරික්තයකුත් එයි. ඒ අනුව මිල තවත් අඩු වෙයි. රජය විසින් සියලුම සහන ලබා දීලා තියෙනවා අපිට නිෂ්පාදන අඛණ්ඩව පවත්වාගෙන යන්න. අපි බලාපොරොත්තු වෙනවා 1,100 අතරට එයි කියන එක. විශාලම ප්‍රශ්නේ බඩඉරිඟු නේ ඒක ලංකාවට ගෙනාවොත් බඩඉරිඟු සම්පූර්ණයෙන්ම ආහාර සඳහා යොදා ගන්න පුළුවන්. එතකොට අපේ නිෂ්පාදන වියදම අඩු කරගන්න පුළුවන්. අපි වගකීමක් ගත්තා. කිසිම හිඟයක් නෑ උත්සව සමයට මේ මිලට වඩා අඩුවෙන් අපිට දෙන්න පුළුවන්."

Aruna